(සමන් පාලිත නානායක්කාර)
මහ වැසි මැද හපුතලේ රත්කරව්ව ඔයේ දිය නෑමට ගොස් සැඩ පහරකට හසුව මිය ගිය තරුණයකුගේ සිරුර අද (19) ) හමුවූ බව හපුතලේ පොලීසිය කියයි.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහියංගන රිදීමාලියද්ද කන්දේගම පදිංචිව සිටි චන්ද්‍ර වත්තිලාගේ සදුන් දිල්ෂාන් නමැති 26 හැවිරිදි තරුණයෙකි.
ගස් වල අතු කැපීමට පැමිණි තරුණයා වැඩ අවසන් කර සවස මහ වැසි මැද දිය නෑමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇතැයි ද පොලීසිය කියයි.
රත්කරවුව ඔයේ වලක සිරවී තිබූ සිරුර හමු වූ බවද පොලිසිය කියයි.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd