(ක.ග.කරුණාරත්න)

මැදිරිගිරිය මහවැලි ක්‍රීඩාංගනයේදී අද (08) නිමාවට පත්වූ 31 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ශූරතාව මහවැලි එච් කලාපයට හිමිවූ අතර අනු ශූරතාව දිනා ගන්නා ලද්දේ මහවැලි සී කලාපය  විසිනි.

මහවැලි කලාප 10 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 ක් තරඟ ඉසව් 41 ක් සඳහා තරඟ වැදුණහ.

ජයග‍්‍රාහී කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජය සංකේත පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුකෙරිණි.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩී.ඒ. දිසානායක යන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගී වූහ.