IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහජන සෞඛ්‍ය පරික්ෂක අනුමැතියෙන් කසල ඉවත් කිරීමට නියෝග



(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමකට රැගෙනවිත් තිබූ රෝහල් සායනික අපද්‍රව්‍යද ඇතුළත් අධික දුගඳක් සහිත අපද්‍රව්‍ය තොගයක් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට  මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එන්.ජවුසි මහතා අදාල ඉඩමේ හිමිකරුවන්ට නියෝග කර තිබුණි.
 
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමට අදාල අපද්‍රව්‍ය තොගය ටොන් 30ට ආසන්න ප්‍රමාණයක් අවස්ථා දෙකකදී රැගෙනවිත් තිබූ බව පොලිසිය හා සෞඛ්‍ය අංශ කළ විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
 
පල්ලිවාසල්පාඩුව හා සින්නපාඩුව ජනතාව විසින් සෞඛ්‍ය අංශ වෙත මෙම කසළ තොගය පිළිබඳව දැනුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි අදාල නිලධාරින් මේ පිළිබඳව නිරීක්ෂණය කර ඇති බව කියයි.
 
ජනතාව පවසන්නේ අදාල ඉඩම තුළින් සති 2ක කාලයක සිට නොකඩවා දැඩි දුර්ගන්ධයක් හමා ඒම හේතුවෙන් ඒ පිළිබඳව කල සොයා බැලීමේදී අදාල ඉඩමේ ස්ථාන කිහිපයක මෙම කසළ තොග ගොඩගසා තිබූ බවයි.
 
මෙම කසළ තොගය තුළ රෝහල් සායනික අපද්‍රව්‍ය සේම නොදිරන අපද්‍රව්‍ය රැසක්ද තිබී ඇත.
 
එසේම මෙම අධික දුගඳක් ඇති කසළ තොග ඉඩමේ හිමිකරුවන් විසින් කම්කරුවන් යොදවමින් පොල් ගස් වටා තෙතමනය රඳවා ගැනීමේ අරමුණින් විවෘතව මුදාහැර ඇත.
 
එසේම මෙම හඳුනා නොගත් අපද්‍රව්‍ය තොගය ඉඩමේ පොල්ගස් වටා දැමීමට යොදාගෙන තිබූ කම්කරුවන් කිසිඳු සනීපාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් සේවයේ යෙදෙන ආකාරයක් දක්නට ලැබුණි.
 
ජනතාව එල්ල කර තිබූ විරෝධතා හේතුවෙන් අදාල කසල තොගය රැගෙන ආ ස්ථානයටම නැවත රැගෙන ගොස් බැහැර කිරීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම ඉඩමේ හිමිකරුවන්ට දන්වා තිබේ.

(ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

(ඡායාරූප - පුත්තලම එච්.චන්දන)



අදහස් (0)

මහජන සෞඛ්‍ය පරික්ෂක අනුමැතියෙන් කසල ඉවත් කිරීමට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site