(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාදම්පේ තනිවැල්ලේගම තිනිපිටි වැවේ අද (13) පස්වරුවේ මසුන් මරමින් සිටි පුද්ගලයකු වැවට වැටී දියේ ගිලී මිය ගොස් ඇතැයි මාදම්පේ පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ තනිවැල්ලේගම මිරිස්වත්තේ විසු බ්‍රහ්මණ මුදලිගේ පෙස්ටස් රුක්ලන්ත නමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.
එම පුද්ගලයා තම නිවස පිටුපස වැව් ඉවුරෙහි තැබූ පුටුවක වාඩිවී බිලිපිත්තකින් මාළු මරමින් සිටි බවත්, එකවරම ඔහු වැවට වැටී දියේ ගිලුණු බවත්, අසල්වාසීන් ඔහුව ගොඩ ගෙන මාදම්පේ පර්යන්ත රෝහලට ඇතුළත් කළ නමුත් ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බවත් පොලිසිය පවසයි.
මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd