(ඩබ්ලිව්. හියුබට් ප‍්‍රනාන්දු)
මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය බෝට්ටුවක් ගල් පරයක හැපී පෙරළී යෑමෙන් එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අද (09) සවස අතුරුදන් වී ඇතැයි පමුණුගම පොලිසිය පවසයි.
අතුරුදන්ව සිටින්නේ පමුණුගම තල්දිය වත්තේ පදිංචි ධීවර කාර්මිකයින් වන කේ. ඇන්ටනි කෙනඩි පොර්රා සහ කේ. සයිමන් පැටිටි‍්‍රක් යන ධීවරයින් දෙදෙනාය.
මෙම ධීවරයින් දෙදෙනො අද (09) සවස හැමිල්ටන් ඇල ඔස්සේ බෝට්ටුවෙන් කැලණි ගඟ හරහා මුහුදට ගොස් ඇති අතර මුහුදේ කිලෝමීටයක් පමණ දුරට යද්දී බෝට්ටුව ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන වලදී හෙළි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd