(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංක)
කිලිනොච්චිය ජයන්තිනගර්හි නිවසක් තුළ මොට ආයුධයකින් පහරදී ඝාතනය කළ මවකගේ හා පුත‍්‍රයකුගේ මළ සිරුරු අද (30) අලුයම සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
ප‍්‍රදේශවාසියකු කිලිනොච්චිය පොලිසිය වෙත ලබාදුන් තොරතුරකට අනුව මෙම මළසිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ජයන්තිනගර්, කිලිනොච්චිය ලිපිනයේ පදිංචි විශ්ණුකාන්ති වල්ලිඅම්මා නැමති 70 හැවිරිදි තැනැත්තියක සහ ඇයගේ පුතු වූ විශ්ණුකාන්ති ලිංගේෂ්වරන් නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයවූ පුද්ගලයා කිලිනොච්චිය ප‍්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක සේවය කරන අයකු බව පොලිසිය පැවසීය.
ඝාතකයන් පළමුව පුත‍්‍රයාට පහරදී ඇති බවත් පසුව මව පහරකෑ පුත‍්‍රයාව බේරාගැනීමට උත්සහ කිරීමේදී මවටද මොට ඇයුධයකින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.
පහරදීම සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ තවත් පුත‍්‍රයකු සිට ඇති බවද ඔහු නිවසින් පිට නිදාසිට ඇති බවද, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට ප‍්‍රකාශ ලබාදී ඇති බවද පොලිසිය කියයි.
මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුරු කිලිනොච්චිය මහ රෝහල වෙත රැගෙනයාමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත. කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.



2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මවක සහ පුතෙකු නිවසේදී ඝාතනය කරලා