(පාලිත ආරියවංශ)
බදුල්ල මලංගමුව අමුණක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී ඇතැයි බදුල්ල පොලිසිය කියයි.
රඹුක්පොත ඔයෙන් ගලාඑන ජලය සහිත මලංගමුව අමුණේ සොරොව්වේ මෙම සිරුර සිරවී තිබියදී දිය නෑමට ගිය පුද්ගලයෙකු දැක ඒ බව පොලිසියට දන්වා ඇත.
දින කීපයකට පෙර ඔහු මරණයට පත්වන්නට ඇතැයි සැකකෙරේ.
අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර අද (23) මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා විමර්ශන පවත්වන බව බදුල්ල පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd