රොමේෂ් මධුෂංඛ

 

කොළඹ සහ මඩකලපුවේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට විරෝධය පා අද (25) තෙවැනි දිනටත් මන්නාරම් නගරයේ වෙළඳසැල් රැසක් වසා දැමීමට මන්නාරමේ වෙළෙන්ඳන් විසින් පියවර ගෙන ඇත.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් අසරණ සිවිල් වැසියන් 350කට අධික ප්‍රමාණයක් මිය යාමත් 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීමත් යුද සමයේදී හෝ සිදු වී නොමැති හෙයින් මෙවැනි කුරිරු ප්‍රහාරයන් වහාම නැවත්වීමට බලධාරීන් පියවර ගත යුතු බවට මන්නාරමේ වෙළෙන්දෝ කියති.

එමෙන්ම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රහාරයන් වැළැක්වීමට ජාත්‍යන්තරයේ ද සහය ඇතිව වරදකරුවන් හට දඬුවම් දිය යුතු බවටද මන්නාරම් වෙළඳ සංගමය කියා සිටියි.