(ඩී.ජී.සුගතපාල සහ  සුමතිපාල දියගහගේ)
 
මධුසමය ගත කිරීම සඳහා පැමිණ ගාල්ලේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නතරව සිටි විදේශීය අඹුසැමි යුවළක් හදිසියේම රෝගාතුර වී කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම කාන්තාව මිය ගිය බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 31 හැවිරිදි  බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි.

මෙම යුවල විවාහ වී මධුසමය ගත කිරීම සඳහා ලංකාවට පැමිණ ගිංතොට සංචාරක හෝටලයක නතරව සිටියදී හදිසියේ අසනීපවීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 

මියගිය විදේශීය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (26) පැවැත්වීමට නියමිතය.