IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මත්කුඩු ජාවාරම්කරුවෙක් වාහනයක් සමග අල්ලයි

(තිලකරත්න දිසානායක)

මගී ප්‍රවාහන සේවාවකට සම්බන්ධ වෙමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් පවත්වා ගෙනගිය බව කියන පුද්ගලයෙකු සමග ඔහු සතු මෝටර් රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 15 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

වත්තල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවා දෙදරු පියෙකු වන අතර මොහු මගී ප්‍රවාහන සේවාවක රැකියාව කරන අතරතුරදී  මිනුවන්ගොඩ, ගම්පහ  ඇතුලු අවට ප්‍රදේශයන්ට මත් කුඩු අලෙවි කරනු ලබන බව අනාවරණය වී ඇති බවත් සැකකරු සන්තකයෙහි තිබී වටිනාකම රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනා හෙරොයින් මිලි ග්‍රෑම් 15 ක් සමග රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා මෝටර් රථයද මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මත් කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොටුගොඩ සහ නැදගමුව යන ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගෙන මත්කුඩු බෙදාහරිනු ලබන පුද්ගලයින් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වැගන් ආර් වර්ගයේ  සුදු පැහැති මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයෙකු විසින් ගම්පහ, මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශයන්ට මත්කුඩු බෙදාහැරීම කරනු ලබන බවයි.

මේ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් දින කිහිපයක් තුළ සිදුකළ පරීක්ෂණයේදී මිනුවන්ගොඩ, නැදගමුව වැවේ හන්දිය අසලදී අදාල වෑන් රථයෙන් හෙරොයින් රැගෙන යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙම සැකකරු සමග මත්කුඩු බෙදාහරිනු ලබන ජාලයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු  බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂණ සිදුකෙරණි.

සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

මත්කුඩු ජාවාරම්කරුවෙක් වාහනයක් සමග අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site