(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
පාසල් ළමයින්ට විකිණීම සඳහා ගාල්ල මහමෝදර නිවසක සඟවා තිබූ තූල් නැමැති මත්කුඩු පැකට් 580 ක් සමග සැකකරුවෙකු අද (10) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.
ගාල්ල පොලිසියේ කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් විසින්මෙම වැටලීම කර තිබේ.
සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්කුඩු ප්‍රමාණය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.