IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මඩකලපුව මාර්ගයක තිබී සැරයන්වරයකුගේ සිරුරක් සොයාගනී

( වසන්ත චන්ද්‍රපාල)
 
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්ගේ මළ සිරුරක් වව්නතිව් අයිත්තමලේ මාර්ගයේදි   තිබියදී මොයාගෙන ඇත.
 
 ඔහු ඝාතනය කර ඇති බවට සැක කෙරෙන බව පොලීසය කියයි. මියගොස් ඇත්තේ පො.සැ.64528 තම්බ්පිල්ලේ යුවරාජ් නැමැති 52 හැවිරිදි නිළධාරියෙකි.
 
මෙම පොලිස් නිළධාරියා වාලච්චේන පොලිසියේ  රාජකාරි අවසන්ව නිවසට පැමිණිමෙන් අනතුරුව ඔහුගේ වෙනත් ඉඩමක් සඳහා  පිටත්ව  ගොස් ඇත.
 
අනතුරුව යළි පැමිණ නොමැති අතර  උදෑසන මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පිරිසක් පාරේ අයිනේ යමෙකු වැටි ඇති බව පොලිසියට දැනුම් දි තිබේ.
 
පසුව වව්නතිව්  පොලිස් නිළධාරින් පැමින සිද්ධිය පිලිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මියගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් බව පොලිස් නිළධාරින් විසින් හදුනා ගෙන තිබේ.
 
පසුව මඩකලපුව කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා ද මෙම ස්ථානයට පැමින පරීක්ෂා කර ඇති අතර පොලිස් අපරාධ ස්ථාන නිළධාරින්ද පැමින පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.මෙයට අමතර පොලිස් නිළ සුනඛයන්ද යොදවා ඇති බව මඩකලපුව ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. දැනට තිබෙන තොරතුරු  අනුව ඉඩම් ආරවුලක් නිසා මෙම මිනිස් ඝාතනය සිදුවෙන්නට ඇතැයි පරීක්ෂණ පවත්වන නිළධාරීන් සැක පහල කර තිබේ.

( වසන්ත චන්ද්‍රපාල)

( ඡායාරූප ජවුෆර් ඛාන්) 



අදහස් (0)

මඩකලපුව මාර්ගයක තිබී සැරයන්වරයකුගේ සිරුරක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site