(ටී. එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ නාවට්කුඩාහි අද(11) උදෑසන සිදුවුණු රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
හජ් උත්සව සමය සඳහා එරාවුර් සිට කාත්තාන්කුඩියට කුකුළන් ප්‍රවාහනය කළ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත.
කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.