(සිතුම් චතුරංග)
කිලිනොච්චිය 55 හන්දිය අසළ භාරතීපුරම් දුම්රිය හරස්මාර්ගය සඳහා විදුලි ආලෝක සංඥා වෙනුවට දුම්රිය ගේට්ටුවක් සවිකරන ලෙස ඉල්ලා කිලිනොච්චි ප්‍රදේශවාසීහු පිරිසක් අද(03) උදෑසන විරෝධතාවක නිරතවූහ.
ඔවුන් දුම්රිය හරස්මාර්ගයට පැමිණ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් භාරතීපුරම් හා කිලිනොච්චිය අතර මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවිය.
පසුගිය 25 වැනිදා යුද හමුදා ලොරි රථයක් දුම්රියේ ගැටී හමුදා සෙබළුන් හයදෙනකු ජීවිතක්ෂයට පත්වුයේ දුම්රිය අලෝක සංඥා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යැයි සැකයක් මතුවී ඇති බවද මේ හේතුවෙන් දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුවක් සවිකරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
දෛනිකව මෙම දුම්රිය හරස්මාර්ගය ඔස්සේ පාසල් සිසුන්, රාජ්‍ය සේවකයින් ඇතුළු දහස් ගණනක් ජනතාව ගමන්ගන්නා බැවින් අලෝක සංඥා පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව විරෝධතාකරුවෝ පැවසූහ.
විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි කිලිනොච්චිය කොට්ඨාස සහකාර පොලිස් අධිකාරී සි.ජේ. පුෂ්පකුමාර මහතා විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කර අදාළ ගැටලුව සඳහා ස්ථීර විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවිය.
ගැටලුව සම්බන්ධයෙන් ලිඛිතව දැනුම්දෙන ලෙසත් ඉන් පසු නව දුම්රිය ගේට්ටුවක් ලබාදෙන බවත් එම ස්ථානයට පැමිණි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූ පසු ඔවුහු විරෝධතාව අවසන් කළහ.





2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
භාරතීපුරම් දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් ඉල්ලා විරෝධතාවක්