IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්

  ( රංජිත් රාජපක්ෂ  )                      

බෝපත්තලාව රජය ගොවිපලට බටහිර බැවුමේ පිහිටි බෝපත්තලාව කදුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායට ඉහලින්අද  (21) දහවල් පමණ ගින්න හටගෙන තිබේ.

බගවන්තලාව ප්‍රදේශයේ සිට බෝපත්තලාව රජයේ ගොවිපොල වෙත පිවිසමට ඇති අඩි පාරක්ද මෙම කදුවැටිය හරහා පිහිටා ඇත.

එම මාර්ගය ඔස්සේ බෝපත්තලාව රජයේ ගොවිපල දෙසට පිවිස අයෙකු විසින් මෙම ගිනි තැබිම සිදු කරන්නට ඇති බවට බගවන්තලාව පොලිසිය සැකකරයි.

බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ බෝපත්තලාව කදුවැටියේ හටගෙන ඇති ගින්න පාලනය කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් පිරිසක් මේ වන විට කදුවැටිය වෙත යොමු කර ඇති බවයි.

මේ අතර වටවල ෆයිනස් වගා රක්ෂිතයට ගිනි තැබු සැකකරුවෙක් ඊයේ  (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පැවසිය.සැකකරු විසින් වන වගා රක්ෂිතයට තැබු ගින්න හේතුවෙන් එම රක්ෂිතයේ විශාල වන වගා කොටසක් ගිනිගෙන විනාශ වි ඇති අතර එම වන වගා රක්ෂිතය හරහා වටවල පොලිසිය වෙත පානිය ජලය ලබා ගත් ජල නලද ගින්නෙන් විනාශ වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වටවල පොලිසිය පැවසිය.

 



අදහස් (0)

බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site