(ඩී.කේ.රත්න)
ඌවපරණගම ලුණුවත්ත ඇළේ බෝක්කුවක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (17) සොයා ගත් බව ඌවපරණගම පොලීසිය පවසයි.
ඌවපරණගම පන්නලවෙල පදිංචි ප‍්‍රසන්න කුමාර නැමති වයස අවුරුදු 35ක පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙසේ පොලීසිය සොයා ගෙන ඇත.
මෙම පුද්ගලයා ඊයේ (16) උදැසන 10.00 පමණ ඔහුගේම ත‍්‍රිරෝද රථයෙන් නිවසින් පිටව ගොස් තිබෙන අතර රාත‍්‍රී කාලයේද නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේදී බෝක්කුවේ හිරව තිබූ මෙම මළ සිරුර සොයා ගෙන ඇත.
මෙම මරණය පිළිබඳව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කිරීමට නියමිතය.
ඌවපරණගම පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.