(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරච්චි)

බලන්ගොඩ පින්නවල බොල්තු⁣⁣බේ ඔයේ ගිලී මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුර අද  (25) සවස සොයාගත් බව පොලිසිය පවසයි.


බලන්ගොඩ, ගලහිටිගම ප්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබන එම්. මනුජ නැමති (23) හැවිරිදි සිසුවෙකු මෙලෙස මියගොස් ඇත.

බොල්තු⁣⁣බේ ඔයේ අලියා වැටුන වල නැමැති ස්ථානයට තරැණයන් කණ්ඩායමක් දිය නැම සදහා අද (25) පස්වරුවේ ගොස් ඇති අතර එහිදී මෙම තරුණා දියට වැටි දියේ ගිලී අතුරුදන් වී තිබුණි.

පින්නවල පොලිසිය සහ ප්‍රදේශවාසීන් පැය දෙකක පමණ කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර බොල්තු⁣⁣බේ ඔයේ තිබී හමු විය.

පශ්චාත් මරණය පරික්ෂණ හෙට (26) බලන්ගොඩ මුලික රෝහලේ පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.පිි. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වයි.