(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
බෙහෙත් ටියුබයකට ඉතා සූක්ෂම ලෙස හොරෙයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය ඇතුල් කර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට ලබා දීම සඳහා උත්සහ දැරූ වයෝවෘද්ධ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය බාර දුන් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් කාන්තාව 65 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මත්කුඩු ග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් එම බෙහෙත් ටියුබය තුළ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd