(හේමලතා ඩී හේවගේ)
පන්නල - මූකලාන ප්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස භූමියේ සරුසාරව වගාකර ඇති බුලත් කොටුවක් තුළ ඉතාසූක්ෂම අයුරින් පොලිතින් උරවල ගංජා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් (48 හැවිරිදි) සැකපිට අද (25) අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය කියයි.
මෙලෙස සැකකරු සමග අත්අඩංගුවට ගත් උස අඩි 4 සිට 8 දක්වා පොලිතින් උරවල හොඳින් වැවී තිබූ ගංජා ගස් 15ක් සොයාගත් බව පොලීසිය පවසයි.
සැකකරු සමග අත්අඩංගුවට ගත් දෑ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පන්නල පොලිස් නිලධාරිහු මෙම වැටලීමට සහභාගිවූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්සියක් නොමැතිවම අමතර ආදායමක් ලබාගන්න හදල.