( ටෝනි කරුණානායක )
පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකු ලෙස පෙනි සිටි සැකකරුවෙක් ජුලි මස (06)වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා අද (28) නියම කළේය .
පොලිස් බුද්ධි අංශයේ නිලධාරි යෙකු ලෙස පෙනි සිටිමින් කටුනායක ප්‍රදේශයේ දි පුද්ගලයකු පරික්ෂා කර ඇති බවට කටුනායක පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද පරික්ෂණ වලදි සැකකරු පොලිස් බුද්ධි අංශයේ නිලධාරි යෙකු නොවනබව තහවුරු වි ඇති බව කටුනායක පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .
එම්.පි.අමිල සදරුවන් නැමැති සැකකරු ව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.