(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අධික ලෙස බීමත්ව සිසුසැරිය බස්රියේ සිසුන් රැගෙන යමින් සිටි රියදුරෙකු අද ( 11 ) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
ආණමඩුව සිට කුඹුක්කඩවල දක්වා ගමන් කරමින් තිබු සිසුසැරිය බස් රථය ආණමඩුව නගරයේ දී ආණමඩුව පොලිසියේ රථවාහන අංශ නිලධාරින්ට සැක සිතී නවතා පරික්ෂාවකට ලක්කර තිබේ.
පොලිස් රථවාහන නිලධාරින් බස් රථය නවතා සැකකාර තරුණ රියදුරාට බසයෙන් බැස එන ලෙසට දන්වා ඇති බවත් එහිදි රියදුරුට ගමන් කිරීමට පවා නොහැකි අයුරින් මත්පැන් පානය කර තිබූ බව පොලිසිය පවසයි.
පොලිසිය බස් රථය නවතන අවස්ථාවේදී සිසු සිසුවියන් 100 කට ආසන්න ප්‍රමාණයක් සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd