(දයාරත්න ඇඹෝගම)
විදුලි බිල්පත වැරදි සහගත ලෙස සකස් කළැයි උරණ වූ පුද්ගලයකු විසින් විදුලිබල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවයේ නියුතු පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරිවරයකුට අද (14) පහරදීමකින් තුවාල ලබා රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ විදුලිබල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවයේ නියුතු මේනුක දිල්ෂාන් (22) නැමති පාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරිවරයෙකි.
මෙම පාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරිවරයා අද (14) අනුරාධපුර, බුද්ධගයා මාවතේ, කඩපනහ ඇතුල් මාර්ගයක පිහිටි නිවසක විදුලි මිටරය පරික්ෂා කර විදුලි බිල්පත ලබාදිමේදී එම නිවසේ සිටි පුද්ගලයකුගේ පහර කෑමට ලක්ව තිබේ.
මේවන විට ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd