(චාපා මධුභාෂිණී සහ කරුණාරත්න ගමගේ)
මැදිරිගිරිය රත්මල්යාය ප්‍රදේශයේ අඹුසැමියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සැමියාත් වස පානය කර මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ රත්මල්යාය, කහඹිලියාව, පදිංචි මංජුලා කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි.
මෙම අඹුසැමියන් දෙදෙනා අතර දින දෙකක් පමණ ආරවුලක් පැවති ඇති අතර පසුව එම කාන්තාව අසල්වාසී නිවසක රාත්‍රිය ගතකර අද (20) උදෑසන නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී සැමියා විසින් පිහියෙන් ඇන ඇය ඝාතනය කර ඇතැයි පොලිසිය කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සිදු වූ අවස්ථාවේදී බරපතල තුවාල ලැබූ කාන්තාව මැදිරිගිරිය මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේදී ඇය මිය ගොස් තිබේ.
පසුව ඝාතනය සිදු කළ ඇගේ ස්වාමියා ද නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ඇති කහඹිලියාව ඔයෙන් එගොඩ වෙල්යායකට ගොස් වස පානය කර සියදිවි හානිකර ගෙන ඇතැයි පොලිසිය කියයි.
එලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ දියසෙන්පුර පදිංචි ඩී.බී.ජි කරුණාරත්න නමැති 47 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.