
(ඩී.ජී.සුගතපාල)
අට හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් ද රුපියල් 25,000ක් දඩයක්ද එම දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද ගෙවීමට අද (25) නියම කළේය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිර දඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක් ද විත්තිකරුට නියම විය.
මෙසේ දඬුවම් නියම වුයේ උඩගෙයියලාගේ සරත් කුමාර නමැති 40 හැවිරිදි දෙදරු පියෙකුටය.
තෙලිකඩ පොලිස් වසමේ ගිණිමැල්ලගහදී 2006 අප්‍රියල් 8වැනි දින 8හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබිණි. විත්තිකරු දැරියගේ ඥාතිවරයෙකු බවත්, ඔහු දැරියගේ නිවස අසළ වැලි ගොඩ දැමීමට යන බවත්, නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක මෙම අපරාධය කර ඇති බවත් අනාවරණය විය. මව නිවසට පැමිණෙනවිට දියණිය ඇඳුම් මාරු කරනු දැක සොයා බැලීමේදි සිද්ධිය දැනගෙන එම අවස්ථාවේම පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව විත්තිකරුට එරෙහිව මෙලෙස සිර දඬුවම් නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බාල වයස්කාර දැරියක දූෂණය කළ අයෙකු වසර 20ක් හිරගෙට
Champa Friday, 25 September 2020 03:47 PM
හොඳ තීන්දුවක්. නමුත් අවුරුදු 20 මදි. අපරාධකාරයාගේ වයස 40. 20 අවුරුදු සිර දඬුවමෙන් එලියට එනකොට අවුරුද 60යි. ඔහු නැවත එවන් අපරාධයක් නොකරයි කියලා සහතිකයක් දෙන්න කාටවත් බැහැ. දඬුවම අවුරුදු 40ක් වුනා නම් හොඳයි.
අම්බලන්ගොඩ අපි Saturday, 26 September 2020 05:22 AM
විනිසුරැතුමණි, ඔබට අපගේ උත්තමාචාරය.