
(නිශාන්ත කුමාර)
වයස අවුරුදු 14 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට කියන තරුණයකු මීගහකිවුල ප්‍රදේශයේදී අද (11) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය පොලිස් වසමට අයත් මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකි.
අතවරයට ලක්වූ බව කියන දැරිය මෙම තරුණයා විසින් රවටා ගෙන ඔහුගේ නිවෙසට රැගෙන ගොස් ඇති බවට දැරියගේ ඥාතීන් විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර තරුණයා අත් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර සැකකරු හෙට (12) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd