IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බාලවයස්කාර දැරිය අපයෝජනය කළ පුද්ගලයකු රිමාන්ඩ්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

 
බාලවයස්කාර පාසල්  දැරියක  දින දෙකක කාලයක් ලැගුම්හළක රඳවාගෙන  අපයෝජනයට  ලක්  කළ  ප්‍රධාන පුද්ගලයකු  මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  අද  (19) දා නියෝග කළේය.

බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ පදිංචි  28 හැවිරිදි  එක්දරු පියෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම  ලැගුම්හළේ කළමනාකරු  රුපියල් ලක්ෂයක  ශරිර ඇප දෙකක්  මත මුදා හැරිමට ද නියෝග කෙරිණි. අපයෝජනයට ලක්  වී ඇති  15 හැවිරිදි  දැරිය බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබති.

වැලිමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචි එම දැරියට  බලන්ගොඩ ප්‍රදේශයේ  පදිංචි මෙම එක් දරු පියාගෙන් ලැබුණු නාදුනන දුරකතන ඇමතුමක් මත ප්‍රේම සබඳතාවක් ඇති කර ගෙන ඇත.

පසුව ඔහු විසින් ඇය බලන්ගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන  දින දෙකක කාලයක් ලැගුම්හළක රඳවාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැලිමඩ පොලිසියට  ලද පැමිණිල්ලක් මත   බලන්ගොඩ පොලිසිය විසින්  එම සැකකරු සහ ලැගුම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.



අදහස් (0)

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ පුද්ගලයකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site