
(මොහොමඩ් ආසික්)
බාල වයස්කාර දැරියක වරින් වර අපයෝජනය කළ බව කියන දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් අතුරින් හත් දෙනෙකු අද (13) පූජාපිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර ඉතිරි පිරිස අත් අඩංගුවට ගැනිම සඳහා පරීක්ෂණ පවත්වනු ලබයි.
හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මෙම දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කළ වෛද්‍ය පරීක්ෂණයේදී මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවට හෙළිව ඇති අතර ඒ අනුව පූජාපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලැබීය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අතරින් හත් දෙනෙකු අද 13 උදේ වන විට අත් අඩංගුවට ගනු ලැබ තිබූ අතර ඉතිරි පිරිසද අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද පොලිසිය කියයි.
COMMENTS
අයියෝ දෙයියනේ. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ? දැන් ඉන්දියාවටත් අන්තයි. දරුවන් ආරක්ෂා කරනවා වෙනුවට මේ වෙනකම් කැබිනට් අමාත්‍යාංශයක් වෙලා තිබ්බ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය, නොවැදගත් රාජ්‍ය අමාත්‍යංශයක් කරලා මේ වගේ අහස පොලොව නුහුලන අපරාධ සාමන්‍යකරණීය කරන්නයි හදන්නේ.
මේ වගේ අපරාධවලට ලංකාවේ නීතිය මදි...