
(ඩී.ජී.සුගතපාල)
කොරෝනා වසංගතය මර්දනය කිරීමට එක්ව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්, සෞඛ්‍ය අංශසාමාජිකයන් ඇගයීමට ලක් කිරීමට හා ඔවුන්ට ධෛර්යය දීමටත් කොරෝනා වසංගතයෙන් රට ආරක්ෂා කරන ලෙසටත් ප්‍රාර්ථනා කරමින් ගාල්ලේ පදිංචි ජාතික මලල ක්‍රීඩකයෙකු වන 45 හැවිරිදි එස්. බාලකුමාර් මහතා ලංකාව වටා දින 42ක් පාගමනින් ගොස් අද (19) සවස ගාල්ල පින්නදූව නගරයෙන් පාගමන නිමා කළේය.
පාගමන නිමා කරමින් බාලකුමාර් මහතා පින්නදුව නගරයට පැමිණි අවස්ථාවේ අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත මහතා විසින් මල් කළඹක් පිළිගන්වා උණුසුම් අයුරින් පිළිගෙන සමරු සිහිවටනයක්ද පිළිගන්වන ලදී.
අගෝස්තු 08 වන දින ඔහු මෙම පාගමන ආරම්භ කලේ ගාල්ල දෙවට ප්‍රදේශයෙනි.
ගාල්ලේසිට දින 42ක් කිලෝමීටර 1500ක දුරක් පාගමනින් ඇවිද ගිය බවත් උතුරේදී මෙන්ම ගමන් කළ සියලුම ප්‍රදේශවල ජනතාව විසින් තමන් මහත් හරසරින් පිළිගනු ලැබූ බවත් බාලකුමාර් මහතා මෙහිදි කියා සිටියේය.
ගාල්ල, මාතර, හම්බන්තොට, තණමල්විල, මහියංගනය, ත්‍රිකුණාමලය හරහා වව්නියාව නගරයට පා ගමනින් මෙරට ජාතික ධජය රැගෙන ගිය තමන්ට, උතුරේ ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවූ බවත් ගාල්ලේ සිට යාපනය දක්වා වූ සියලු ආගමික සිද්ධස්ථාන වන්දනා කරමින් කොරෝනා වසංගත රෝගය මර්දනය කිරීමට එක්ව සිටින සියලු දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කළ බවත් කියාසිටි බාලකුමාර් මහතා තමන්ට සහයෝගය දැක්වු සියලුම දෙනාට ස්තුතිය පුද කළේය.
මෙම පිළිගැනීමේ උත්සවය අක්මීමණ වෙළඳ සංගමය සහ අක්මීමණ ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කර තිබිණි.
බාලකුමර් මහතා පින්නදුව නගරයෙන් සිය පාගමන අවසන් කළ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ, අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බාලකුමාර්ගේ පාගමන පින්නදුවෙන් නිමාකරයි