IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බස් රථයේ කුටීරයක සඟවා කේරළ ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙක් දැලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පෞද්ගලික බස් රථයක රහසිගත කුටිර තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 170 ක ප්‍රමාණයක් අද (22) පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය,කොඩිකාමන් සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.

පොලිස්  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරින් හා නාවික හමුදා බුද්ධි අංශ නිළධාරින් එක්ව ලැබුණු තොරතුරක් මත කල්පිටියේ සිට කොළඹ බලා ගමන් කිරිමට තිබූ මෙම පෞද්ගලික බස් රථය පාලවිය මංසන්ධියේ දී නවතා පරික්ෂා කර ඇති බව පොලිසිය පවසයි.

බස් රථයේ කිසිවකුටත් සැක නොසිතන ලෙසට ආසන වලට යටින් සකසා තිබූ කුටීර තුළ රහසිගත අයුරින් කිසිවකුටත් සැක නොසිතන අයුරින් මෙම කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබු බව සිදුකළ පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් පවසන්නේ කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

අත්අඩංගුවට ගත් බස් රථය සැකකරුවන් හා කේරල ගංජා තොගය පුත්තලම මුලස්ථාන පොලිසියට බාර දීමට කටයුතු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් පවසයි.



අදහස් (0)

බස් රථයේ කුටීරයක සඟවා කේරළ ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site