(ප්‍රේමතිලක පෙරමුණ)
මෝල්කාව අස්ක්වැලිය ප්‍රදේශයේදී, පෞද්ගලික බස් රථයකට යටවී අද(07) කාන්තාවක මිය ගිය බව බදුරලිය පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ මෝල්කාව අස්ක්වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයි. ඉන්ද්‍රාවතී නම් 58 හැවිරිදි කාන්තාවකි.
මෝල්කාව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයෙහි නැගුණු මෙම කාන්තාව අස්ක්වැලිය ප්‍රදේශයේදී බසයෙන් බැස ඉදිරිපසින් පාර මාරුවීමට යාමේදී එම බස් රථයටම යට වී මිය ගොස් ඇත.
බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd