(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටිය ගුවන් පාලම අසලදී බස් රථයකට යට වීමෙන් යතුර පැදියක ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ මව , පියා සහ කුඩා දරුවෙකි.
අනතුරින් මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පැවසීය.
බරපතල තුවාල ලැබූ පියා සහ අවුරුදු හයක් වයසැති කුඩා දරුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මව පියා සහ කුඩා දරුවා යතුරු පැදියෙන් පන්නිපියේ සිට තලවතුගොඩ දෙසට යමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ බස් රථයකට යටවී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් රථයකට යටවී කාන්තාවක් මරුට