
(ප්‍රියාණි මංගලිකා)
බලපත්‍ර නොමැතිව තේක්ක සහ කොහොඹ දැව කඳන් 32 ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද (23) පැවසීය.
විවිධ ප්‍රමාණ වලින් යුතු මෙම දැව කඳන් එම වාහන වල දිගද අභිබවා අඩි 24ක් පමණ දිගින් යුතුවූ දැව කඳන්ද සහිතව ඉතා අනතුරුදායක ලෙස ප්‍රවාහනය කර තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
මෙම දැව කඳන් තොගය රන්දෙනිගම ප්‍රදේශයේ ලී ඉරුම් මෝලක් වෙත ප්‍රවාහනය කරමින් තිබූ බවද, පොලිසිය වැඩිදුරටත් පැවසීය.
නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි යූ.ඩී. අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන්, මූලස්ථාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙයවීමෙන්, උ.පො.පරීක්ෂක ආනන්ද මහතා ඇතුළු නිලධාරිහු මෙම වැටලීම සිදුකළහ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත් නැතිව තේක්ක - කොහොඹ කඳන් ප්‍රවාහනය කරලා