(හැටන් රංජිත් රාජපක්ෂ)
බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් වතු කම්කරුවන්ට අධික මිලකට අලෙවි කළ ජාවාරම්කරුවෙක් සැකපිට අද(07) හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් පොලිස් වසමට අයත් ඇන්ෆීල්ඩ් වතුයායේ වතු නිවාස පේලියක පදිංචි සැකකරු ඔහු පදිංචි නිවසේම ඉතා රහසිගතව මත්වතුර බෝතල් තොගය සඟවාගෙන සැකකරු විසින් මත්වතුර අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි බව වැටලීම සිදු කල හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියි.
සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රජයේ අනුමත මත්වතුර බෝතල් 19ක් පොලිසිය භාරයට ගෙන ඇත.
හැටන් කොට්ඨාශ පොලිස් බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ නිලධාරින් මෙම වැටලීම සිදු කරඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්වතුර බෝතල් තොගය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ නිලධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd