(ලලිත් නවරත්න)
 
මාරවිල ඉහළ කටුනේරිය ප‍්‍රදේශයේ බලපත‍්‍ර රහිතව මාදම් සහ සැපතිල්ලා දැවකඳන් තොගයක් ප‍්‍රවාහනය කළ  පුද්ගලයෙකු  ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති  කාර්යාලය පවසයි.
 
මාරවිල ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මෙම දැව කඳන් සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
හලාවත, මාරවිල, වෙන්නප්පුව ප‍්‍රදේශවල වඩුකර්මාන්තශාලා බහුලව ඇති අතර උත්සව සමයත් සමඟ වඩුභාණ්ඩ ඇනැවුම් සඳහා විවිධ ප‍්‍රදේශවල වනසංහාර සිදුවන බවට නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරු ලැබී ඇත.  
 
සැකකරු සමග දැවකඳන් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.