IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බලපත්‍ර රහිතව තුවක්කුවක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

බලපත්‍ර රහිතව බෝර 12 තුවක්කුවක් ළඟ තබාගත් අයෙකු අද(13) සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්පේ කහටගොල්ලවත්ත නැමති ඉඩමක මුරකරුවූ 39 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරු වසර අටක පමණ කාලයක සිට රබර් ඉඩමක මුරකරුවකු ලෙස සේවය කර ඇතැයිද හෙළි වී තිබේ.

සැකකරු බෝර 12 තුවක්කුව හා උණ්ඩ සපයාගෙන දඩයමේ යෙදී ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ. දඩයම වැරදී නරියෙකුට වෙඩි වැදී ඇති අතර, ඉන් අනතුරුව මෙම ගිනි අවිය පිළිබඳව  පොලිස් විශේෂ කාර්යාංශයට තොරතුරු ලැබීමෙන් පසු නිලධාරීන්  මෙම වැටලීම කර තිබේ.
 
මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බලපත්‍ර රහිතව තුවක්කුවක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site