(ඩී.කේ.රත්න)

බුත්තල ප‍්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස බලපත‍්‍ර නොමතිව ගවමස් ත‍්‍රි රෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (17) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බුත්තල ෂින්රා මාවතේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකු මෙම ගවමස් තොගය හා ත‍්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.

ගවමස් කිලෝග‍්‍රෑම් 51යි ග‍්‍රෑම් 400ක් සැකකරු සතුව තිබී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා බුත්තල පොලීසියට බාරදී තිබේ.
 
බුත්තල පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.