
(ප්‍රින්ස් රත්නායක)
බලන්ගොඩ වටවල පිහිටි සමෘද්ධි මධ්‍යස්ථානය අද (30) සිට කෝවිඩ් රෝගීන්ට නේවාසික රෝහලක් බවට පත් කිරීමට පියවර ගෙන ඇතැයි බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය කේ.ජේ.කේ. කොතලාවල මහතා සඳහන් කළේය.
රෝගීන් 200කට නේවාසික පහසුකම් සැලසිය හැකි මෙම මධ්‍යස්ථානයට අද පස්වරුවේ කෝවිඩ් ආසාදිත පුද්ගලයින් 110 දෙනෙකු රැගෙන ඒමට නියමිත බවද වෛද්‍යවරයා පැවසීය.
ගමේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඉරේෂා පතිරගේ මහත්මිය විසින් සිදුකරනු ලබන අතර, රෝහල් කාර්ය මණ්ඩලය පූර්ණ දායකත්වය ලබාදෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.