
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු අද (10) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
මහනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවෙන තරුණියන් දෙදෙනෙකු , එහි සේවාව ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු සහ එහි කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය කියයි.
එම නිවාඩු නිකේතනයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකළ බව පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (11) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.