(රංජිත් රාජපක්ෂ)
තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 19 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (19) ඇතුළත් කළ බව බගවන්තලාව පොලීසිය පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් එන්.සී. කොටසේ විශාල ගසක් මත බැඳ තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහරදීමෙන් ඇවිස්සුණු බඹරුන් පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ කියා සිටියහ.
ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd