(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වතු කම්කරුවන් පිරිසකට අද (10) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 45 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මස්කෙළිය පොලිස් වසමට අයත් ග්ලෙන්ටිල්ට් හා බැනියන් යන තේ වතුවල කම්කරුවන් පිරිසකට මෙම හදිසි බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ වතුවල දෛනික සේවා කටයුතු වල නිරිතවෙමින් සිටියදීය.
බැනියන් වතුයායේ කම්කරුවන් 22 කට හා ග්ලෙන්ටිල්ට් වතුයායේ කම්කරුවන් 23 ක් මෙහිදී තුවාල ලබා ඇති අතර එයින් 14 දෙනෙකු මේ වන විට මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරි ලියැදිපිටිය මහතා පැවසීය. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද ඒ මහතා පැවසීය.
රෝගීන් 31 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.
නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් අතර ගැහැණු කම්කරුවන් 10 දෙනෙකු සහ පිරිමි කම්කරුවන් 04 දෙනෙකු සිටින බව මස්කෙළිය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd