( රංජිත් රාජපක්ෂ )
තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 11 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 10 දෙනෙකු සහ එක් වතු කම්කරුවෙකු මෙසේ රෝහල් ගත කර තිබේ.
ඇන්ෆිල්ඩ් තේ වත්තේ යාන්ත්‍රානුසාරයෙන් තේ පණුවන් සදහා කෘමිනාෂක දියර ඉසමින් සිටින අවස්තාවේ එරබදු ගසක බැද තිබු බඹර කුඩුවක් එක් වරම ඇවිස්සි තමන්ට පහර දුන් බව තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවෝ පැවසූහ.
තේ වතු ආශ්‍රිතව තේ පදුරු සහ ඒ අවට තිබෙන ගස්වල මේ දිනවල විශාල වශයෙන් බඹර කූඩු ඇති අතර එම බඹර කුඩුවල බඹර වද තිබෙන නිසා සුළු ශබ්දයකදි පවා බඹරුන් ඇවිස්සී තේ වතු යායේ වැඩ කරමින් සිටින වතු කම්කරුවන්ට අනින බව පරිසරවේදිහු කියති.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.