(රංජිත් රාජපක්ෂ)
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට සහ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබු සිව්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද(12) ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ පෙට්‍රොසෝ වත්ත ප්‍රදේශයේදි මෙම පිරිසට බඹරු ඇන තිබේ.
තේ වත්තේ ගසක් මත බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී ඇනීමෙන් යතුරුපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට සහ බගවන්තලාව නගරය දක්වා පයින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට තුවාල සිදු වී ඇති බව පොලිසිය පැවසුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd