(ශාන්ත චන්ද්‍රසිරි)
 
තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ ස්කල්පා කොටසේ  වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් තුවාල ලැබු  වතු කම්කරුවන්  8දෙනෙකු  ප්‍රතිකාර සඳහා අද  (23)  ලිඳුල  ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.
 
බඹරුන් ඇනීමෙන් කාන්තාවන් 6දෙනෙකු හා  පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කරන ලද බවත්, ඔවුන්ගෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් කාන්තාවන් 6 දෙනා තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන  බව ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශයෙක්  කීය.
 
වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට ගසක බැඳ තිබූ බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී ඇති බව ග්‍රේස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෝ පවසති.