
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය පොලිස් වසමට අයත්, මරේ තේ වතුයායේ වලදල කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (30) පස්වරුවේ එල්ල වූ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 12 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇති පිරිස අතර කාන්තාවන් 11 දෙනෙකු හා පිරිමි කම්කරුවෙක් සිටින බව මස්කෙළිය රෝහලේ වෛද්‍යවරු පවසති.
මාර ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින කම්කරුවෝ පැවසූහ.
මීට අමතරව මස්කෙළිය පොලිස් වසමට අයත්, ස්ට්‍රැත්සිපී තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (30) පස්වරු 01.00 ට පමණ එල්ලවූ බඹර ඇනීමෙන් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතලත් කරනු ලැබූ බව මස්කෙළිය පොලීසිය පවසයි.
එම වතුයායේ තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙම පහර දීම සිදු කළ බව තුවාල ලබා සිටින කම්කරු කාන්තාවෝ කියති.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.