IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බඹරු ඇනීමෙන් කතුන් තිදෙනෙකු රෝහලේ

(සමන් පාලිත නානායක්කාර) 

 

හපුතලේ  තොටලාගල වත්තේ සේවය කරමින් සිටි පිරිසකට අද (20) බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් තුන් දෙනෙකු හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ  පොලිසිය කියයි.

  

තුවාල ලැබූවන් අතර 21 වියැති  තරුණ කාන්තාවක් හා 50 වයසේ කාන්තාවන් දෙදෙනකු ද සිටින බව පොලීසිය කියයි.

 

ඔවුන් 1990 ගිලන් රථ සේවයෙන් හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

 

හපුතලේ වතුවල සේවය කරමින් සිටි පිරිස් බඹර ප්‍රහාර වලට ලක්ව රෝහල් ගත වන සිද්ධීන් මේ දිනවල  අඛණ්ඩව වාර්තා වන බව හපුතලේ පංකැටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සංජීව සමරවීර මහතා පැවසීය.

 

බඹරු ඇනීමෙන් දිනකට තුන් හතර දෙනකු රෝහලට ඇතුළත් කරන තත්ත්වයට පත් වී ඇති බැවින් ද ඒ අතර අසාධ්‍ය රෝගීන් ද හමුවන අවස්ථා ඇති බැවින් ද මේ තත්ත්වය වළක්වා ගැනීමට කිසියම්  පියවරක් ගැනීමේ අවශ්‍යතාවය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පෙන්වා දෙයි.

 



අදහස් (0)

බඹරු ඇනීමෙන් කතුන් තිදෙනෙකු රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site