(ඩී.කේ.රත්න)
ඇල්ල දෙමෝදර බදුලුඔය රක්ෂිතයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අද (24) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල ගවරවෙල, බණ්ඩාරවෙල සහ හපුතලේ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් හයදෙනෙකි.
මොවුන් සතුව තිබී ජෙනරේටරයක්, ගල්වෙඩි දමන යන්ත්‍රයක්, සේවා නූල්, ජෙලට්නයිට් කූරු දෙකක් සහ වෙඩි බෙහෙත් තොගයක්ද පොලීසිය බාරයට ගෙන ඇත.
ඇල්ල පොලීසිය ලද තොරතුරක් මත මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd