IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බදුල්ල මළංගමුව අමුණේ තිබූ මළ සිරුර හඳුනාගැනේ

(පාලිත ආරියවංශ)

බදුල්ල මළංගමුව අමුණක තිබී  හමුවූ මළ සිරුර  පස්සර කනවරැල්ල වත්තේ පදිංචි  විජයන් තසදරන් (22) නමැත්තාගේ බව පවුලේ ඥාතීන් විසින් අද (23) දා හඳුනාගත් බව බදුල්ල පොලිසිය  පවසයි.

රඹුක්පොත ඔයෙන් ජලය ගලායන  මළංගමුව  අමුණේ   හිරවී තිබු මළ සිරුර  එම ස්ථානයට නෑමට ගිය  පුද්ගලයෙකු මුලින්ම දැක  ඇති බවත් එය බෙහෙවින්ම නරක් වී තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
 
දින කිපයකට පෙර මෙම මරණය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකළේය. මේ අභිරහස් මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ආනන්ද මොරගොඩ මහතා විසින් අද (23) සිදුකළේය.
 
මෘත දේහය බදුල්ල මහරොහ‍ලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන ලෙසත් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත් වරයා බදුල්ල පොලිසියට නියෝග කළේය.



අදහස් (0)

බදුල්ල මළංගමුව අමුණේ තිබූ මළ සිරුර හඳුනාගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site