(ප්‍රසන්න පත්මසිරි)
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 298 ක පුද්ගලයින් 993 ක් අවතැන්ව සිටින බවත් පවුල් 100ක් කඳවුරු තුනක රඳවා සිටින බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.
අවතැන්වූ පවුල්වල සාමාජිකයින් ලුණුගල ගල්උල්ල දෙමළ විදුහල, හාලිඇල මොරගොල්ල විදුහල සහ ඇල්ල දෙමළ විදුහලේ තාවකාලික කඳවුරුවල රඳවා තිබේ.
ආපදාවලට ලක්වු තිදෙනෙකු තුවාල ලබා සිටින බවද උදයකුමාර මහතා කියයි.
කඳවුරු සිටින අවතැන්වුවන්ට අවශ්‍ය සියලුම සේවාවන් ලබාදීමට පොලීසිය, යුද හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුලු රජයේ ආයතන කටයුතු කර තිබේ.
ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ රාජා කොල්ලුරේ මහතා අවතැන් පිරිස් සිටින කඳවුරුවලට ගොස් අවශ්‍යතා සොයාබලා අවතැන් පිරිස්වලට රජයෙන් ලැබිය යුතු සේවාවන් කඩිනමින් ලබාදෙන්නැයි නිලධාරීන්ට උපදෙස් දී ඇත.



2025 නොවැම්බර් මස 17
54
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බදුල්ලේ 993ක් අවතැන්