IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදුල්ලේ කුණු කන්ද ඇතැමුන් ආදායම් මාර්ගයක් කරගෙන

(විජේරත්න රත්නායක)

බදුල්ල නගරයේ පවතින කුණු කන්ද ඇතැමුන් ආදායම් මාර්ගයක් කරගෙන ඇති බවත් කුණු කන්ද භාවිතා කර රට සවාරි යාමට සිතා සිටින අයට එය ඉවත් කිරීම ගැටළුවක් වී ඇති බවත් කසළ ප්‍රශ්නය විසඳීමට තමන් ගෙන යන වැඩපිළිවෙළට බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් බාධා කරන බවත් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

අද (10) පැවැති මාධ්‍ය හමුවකදී ඌව පළාත් ආණ්ඩුකාරවරයා මේ බව පැවසීය.

බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගනය ඇතුළු ක්‍රීඩාංගනයන්ට යාබද අක්කර හතක පමණ භූමියක බදුල්ල මහ නගර සභාව මඟින් වසර 40 ක පමණ කාලයක් තිස්සේ ගොඩගසනු ලබන කසළ කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජයේ ප්‍රබල මැති ඇමතිවරුන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේද මැදිහත් වීම මත වැඩසටහන් කිහිපයක් ආරම්භ වුවද මෙතෙක් එම එක් උත්සාහයක් හෝ සාර්ථක කරගත නොහැකි වීම මත මේ වන විට එම කසළ කන්ද ප්‍රදේශයේ පවතින ප්‍රබල පාරිසරික, සෞඛ්‍යමය හා සමාජීය ගැටළුවක් බවට පත්ව ඇත.

බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් සුළු පිරිසක් ඊට සහය දැක්වූවද බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ඊට බාධා කරමින් කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ආණ්ඩුකාරවරයා මෙසේද පැවසීය.

      “ මම හිතන්නේ නැහැ ඔලුවක් මොලයක් නැතත් අඩුම තරමේ නහයක්වත් තියෙන කෙනෙක්ට මේ වගේ දේකට විරුද්ධ වෙන්න පුළුවන් කියලා.

මේ වැඩේ පටන් ගනිද්දී ගොඩාක් අය හිතුවා මම මේක අතරමග දමල යාවි කියලා. නමුත් මගේ විදිහ තමයි පටන් ගත් වැඩක් අතරමග දමල නොයන එක. ඒක තමයි මගේ දැක්ම. ගොඩාක් අය මේ කුණු කන්ද ආශිර්වාදයක් කර ගෙන මේ කසළ කඳු තමන්ගේ ආදායම් මාර්ග බවට පත් කර ගෙන.

කුණු කන්ද භාවිතා කරලා රට රටවල සංචාර වල යෙදෙන්න හිතන් ඉන්න අයට  එහෙම හිතපු අයට මේ කුණු ගොඩ අයින් කරනවා කිව්වාම ටිකක් හිතට අමාරුයි. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම වැඩ කරන්නේ ජනතාවගේ  පොදු යහපත ගැන හිතලයි.‘‘

නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට නගර සභාවේ කිසිදු සහයෝගයක් නොමැති අතර සභාවට ගෙනඑන සියළු යෝජනා එහිදී පරාජය කෙරෙන බවත් ජනතා සේවයට එරෙහි වන මෙවන් ආයතන පවත්වාගෙන  යාමේ  තේරුමක්  නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

බදුල්ල  මහ නගර සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම තමන් අත්තනෝමතිකව කටයුතු කරන කෙනෙක් නොවන බවත් තමන් සතු බලය භාවිතා කිරීමට කිසිවිටෙකත් බිය නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් විමසීමේදී බදුල්ල මහ නගරාධිපති ඩබ්.ඩී.ප්‍රියන්ත අමරසිරි මහතා මෙසේ පැවසීය.

      ‘‘ආණ්ඩුකාරවරයාගේ කතාවේ සත්‍යයක් තිබෙනවා. ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බදුල්ල නගර පවිත්‍රකරණ වැඩසටහන වෙනුවෙන් දැරූ වියදම පවා සභාව අනුමත කළේ නෑ.

කසළ ගොඩ ඉවත් කිරීම වැනි අත්‍යවශ්‍ය කටයුතුවලදී පවා සමහර මන්ත්‍රීවරුන් බාධා කරනවා. මටත් විවිධ බලපෑම් එනවා. බොහෝ දෙනා කිසිදු සහයෝගයක්  දෙන්නේ නෑ.  මේ වගේ  වැඩවලදී  මගෙත් කකුලෙන් අදිනවා. මෙතෙක් කළක් අපේ අය අවධානය යොමු නොකළ කටයුතු සම්බන්ධයෙන් මෑතකදී පැමිණි ආණ්ඩුකාරවරයා අවධානය යොමුකිරීම සමහරුන්ට ඉවසන්න බෑ.

දැන් පළාතේ පළාත් පාලන ඇමතිවරයා වූ මහ ඇමතිවරයාගේත් නිල කාලය අවසන්ව ඇති නිසා ආණ්ඩුකාරවරයා අපේ ප්‍රධානියා වශයෙන් සළකා අප කටයුතු කළ යුතුයි.

කෙසේ වුවත් කවුරුන් හෝ අපේ නගරය සංවර්ධනය කරන්න, අපේ ජනතාවට යහපතක් කරන්න උත්සාහ කරනවා නම් ඊට සහයෝගය ලබාදීම අපේ යුතුකමක්. එය වටහා නොගන්නා අපේම පිරිසක් මේවාට බාධා කිරීම ගැන නගරාධිපතිවරයා වශයෙන් මා කණගාටු වෙනවා.‘‘

 

 



අදහස් (0)

බදුල්ලේ කුණු කන්ද ඇතැමුන් ආදායම් මාර්ගයක් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 110 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site