(බී.ජී. අමරසිංහ)
බටපොල නගරයේ තොග වෙළඳ සලක අද (26) දින රාත්‍රී ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න යාබද වෙළඳ සල්වලටද පැතිර යමින් පවතින අතර ගින්න පාලනය කිරීම සඳහා බටපොල පොලීසිය හා ප‍්‍රදේශවාසීහු මේවන විටත් කටයුතු කරමින් සිටිති.
ඇල්පිටිය ගාලූ මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇත.
රාත්‍රී 9.15 වන විටත් ගිනි නිවීමේ රථ එම ස්ථානයට පැමිණ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්න පටන් ගත්ත වෙලේ ඉදන් නිවනකන් මම ඒ අසල හිටියා. මුල්ම ගිනි නිවන රථය ආවෙ ප.ව. 7:00 ට විනාඩි 10 කට පමණ පෙර. ඊට විනාඩි 40 ක් පමණ යන විට ගිනි නිවන රථ 04 ක් ආවා. ගාල්ලෙන් හා අධිවේගී පිවිසුම් වලින් තමයි එම රථ ආවෙ. ප.ව. 9:00 වන විට ඔවුන් සම්පූර්ණයෙන්ම ගින්න නිව්වා. ජලය සැපයූවේ බටපොල පිහිටි අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ බවුසර වලිනි.
රෑ 7.30 , 8.00 වන විට ගිනි නිවන රථ 2කක් පැමිණියා